2023/2024 අධ්‍යයන වර්ෂයන්ට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාග කටයුතු හෙට (11) සිට ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළත් මෙම විභාග මාලාව ලබන 17 වනදා දක්වා මධ්‍යස්ථාන තුනකදී පැවැත්වීමට නියමිතය. ගුරු වෘත්තීය පුහුණුව ලබන අපේක්ෂකයින් සඳහා මෙය තීරණාත්මක කඩඉමක් වනු ඇත.විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර දැනටමත් අදාළ ගුරු විද්‍යාල වෙත තැපැල් මගින් යොමු කර තිබේ. යම් හෙයකින් තැපැල් මගින් ප්‍රවේශ පත්‍ර ලැබීමේ ප්‍රමදයක් පවතින්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ඒවා බාගත කරගැනීමේ පහසුකම ද අපේක්ෂකයින්ට සලසා දී ඇත.විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී තමන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ලියකියවිලි සහ නිසි පරිදි සහතික කරන ලද ප්‍රවේශ පත්‍රය රැගෙන ඒම අනිවාර්ය වේ. පවතින කාලසටහනට අනුව විභාග කටයුතු නිසි වේලාවට ආරම්භ වන බැවින්, කලින් මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අපේක්ෂකයින්ට දැනුම් දෙනු ලැබේ.

























