දැනට නිකුත් නොකර ගොඩගැසී ඇති වාහන අංක තහඩු ලක්ෂ 6.5 ක් සහ රියදුරු බලපත්ර ලක්ෂ 4.5 ක් ඉදිරි මාස 6 ඇතුළත නිකුත් කර අවසන් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා සඳහන් කරයි.මහජනතාවට වඩාත් පහසුවෙන් සේවාවන් ලබාදීමේ අරමුණින් දිස්ත්රික්ක 5 ක යතුරුපැදි ලියාපදිංචි කිරීමේ මධ්යස්ථාන පිහිටුවීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ ගම්පහ දිස්ත්රික් මධ්යස්ථානය කොමසාරිස් ජනරාල්වරයාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි. ඉදිරියේදී කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්රික්කවල ද මෙම මධ්යස්ථාන ආරම්භ කිරීමට නියමිතය.මෙම විශේෂ පහසුකම ඉදිරියේදී සසුදුසු පරිදි අනෙකුත් වාහන කාණ්ඩ සඳහාද ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, වාහන අංක තහඩුවල පවතින ප්රමිතිය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.



























