පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.මීට පෙර අදාළ ඉල්ලීම කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයට එරෙහිව මෙම නව අභියාචනය ගොනු කර ඇත. මෙම නඩුකරය හරහා තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් ආරක්ෂා වන නියෝගයක් ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.


























