චමින්ද මලලසේකර එජාප සෙංකඩගල සංවිධායක ධුරයෙන් ඉවතට

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ධුරය දැරූ චමින්ද මලලසේකර මහතා, සියලු පක්ෂ වගකීම්වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දින සිටම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බව ඔහු පක්ෂ මූලස්ථානය වෙත දන්වා ඇත.​ඉදිරි දේශපාලන කටයුතු වෙනත් පාර්ශ්වයක් සමඟ ඉදිරියට ගෙන යාමේ අරමුණින්, පක්ෂ මහලේකම්වරිය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී ඇත. කෙසේ වෙතත්, පක්ෂය සමඟ කිසිදු මත ගැටුමක් හෝ පුද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම පියවර නොගත් බවත්, බොහෝ අමාරුවෙන් ගත් තීන්දුවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *