මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට ලබාදුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප නියෝගය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්යක්ෂ (නීති) අනුෂා සම්බන්ධපෙරුම මහත්මියත්, මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාත් කරුණු දැක්වූහ. අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශ කරන අතර, දෙසැම්බර් 2 වැනිදා හෝ ඊට පෙර විරෝධතා සහ ප්රතිවිරෝධතා ගොනු කරන ලෙස දෙපාර්ශ්වයට නියෝග කෙරිණි.



























