ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.අදාළ පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා හමුවේ සලකා බැලුණු අතර, එම දිනය නියම කෙරිණි.පෙත්සම විභාගයට ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ට නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය එදිනට දැනුම් දෙන බව මහාධිකරණය සඳහන් කළේය.



























