ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.මෙම සාකච්ඡාවේදී ඉන්දු-ශ්රී ලංකා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම වර්තමාන දේශපාලන හා සාමාජීය වර්ධනයන් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.


























