ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය මෙවර සැප්තැම්බර් 5 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියට එක්වීමට අපේක්ෂා කරන කණ්ඩායම් සඳහා අයදුම්පත් භාරගැනීම අගෝස්තු 15 වැනිදායින් අවසන් වන බව එම සම්මේලනය දැනුම් දෙයි. තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරෙන අතර, ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් 25කට ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේදී අතිදක්ෂ දක්ෂතා දැක්වූ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය පිරිමි ශූරතාවත්, මහඋස්සෑව රතනපාල ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාවත් දිනා ගැනීමට සමත් විය. මෙවරත් උද්යෝගිමත් තරග රැසක් අපේක්ෂා කරන අතර, ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා සමාජ රැසක් මේ සඳහා සූදානමින් පසුවේ.























