බදු ප්‍රතිපත්ති සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ ප්‍රදේශයේ සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුර පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ වූ මෙම පාගමන බොරැල්ල සහ මරදාන හරහා ගමන් කර පිටකොටුව ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් වූ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.



























