ජීවන බර අඩු කරන ලෙස ඉල්ලා කොළඹ වීදි බැස්ස පෙරටුගාමීන්ගෙන් විරෝධතාවක්

ජනතාවට දැරීමට සිදුව ඇති අධික ජීවන බර වහාම පහළ හෙළන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (03) දින කොළඹ, බොරැල්ල සහ මරදාන ප්‍රදේශ මුල් කරගනිමින් විරෝධතා පාගමනක් සංවිධානය කරන ලදී.​පක්ෂයේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාව සඳහා සහභාගී වී සිටි අතර, ඔවුන්ගේ සටන් පාඨ සහ පාගමන හේතුවෙන් කොළඹ ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.​විරෝධතාකරුවන් විසුරුවා හැරීමට සහ රථවාහන තදබදය පාලනය කිරීමට පොලිසිය විසින් එම ප්‍රදේශවල විශේෂ රථවාහන රාජකාරී සහ ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *