ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට

​ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකමේ හත්වන සමාලෝචන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.​මෙම සංචාරය සඳහා පැමිණෙන නියෝජිතයින් ලබන 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටිමින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. මෙම සාකච්ඡා හරහා මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු කිහිපයකට එළඹීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,324

Leave A Reply

Your email address will not be published. Required fields are marked *