ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අවිස්සාවේල්ල රෝහලට අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානයක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් යටතේ අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පිරිනැමීම මෑතකදී සිදුකෙරිණි. ආයතන සභාපති සී.ඒ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර, ඒ සඳහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.​පසුගිය දශක හකකට අධික කාලයක් පුරා ජනතාවට විවිධ ත්‍යාග හිමිකර දීමට කටයුතු කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය, මෙරට සංවර්ධන සහ සුභසාධන කාර්යයන් සඳහා ද අඛණ්ඩව දායකත්වය සපයයි. සෑම ලොතරැයියකින්ම මූල්‍යමය ජයග්‍රහණයක් නොලැබුණද, ඉන් එකතු වන අරමුදල් මෙවැනි සමාජ සත්කාර සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු වීම විශේෂත්වයකි.​මෙම වෛද්‍ය උපකරණ ලැබීම තුළින් අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා ප්‍රදේශයේ රෝගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික ලොතරැයි මණ්ඩලය ඉදිරියටත් සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,300

Leave A Reply

Your email address will not be published. Required fields are marked *