ජුනි ගෑස් මිල සංශෝධනය 04 වැනිදා ප්‍රකාශයට පත්වේ

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව සිදුකිරීමට නියමිත ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ලබන බ්‍රහස්පතින්දා (04) ප්‍රකාශයට පත් කරන බව එම සමාගම පවසයි. මෙම නව මිල සංශෝධනයට අදාළ තීරණය ජූනි මස 05 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. පසුගිය මැයි මාසයේදී ලිට්‍රෝ සමාගම ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට පියවර ගෙන තිබුණි.​මෙම මාසික මිල සංශෝධනය සඳහා වන වාර්තා සහ යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊට අදාළ අවසන් තීරණය සහ අනුමැතිය ඇතුළත් නිල වාර්තාව එළඹෙන 04 වැනිදා සමාගම වෙත ලැබීමට නියමිතව ඇත.​පාරිභෝගික ජනතාවට සහනදායී ලෙස සහ ජාත්‍යන්තර වෙළඳපොළ මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙවර මිල තීරණය කිරීමට නියමිතය. අවසන් වරට මිල සංශෝධනයක් සිදු නොවූ පසුබිමක, මෙවර සිදුවන වෙනස්කම් පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.

What's your reaction?

Related Posts

1 of 1,169

Leave A Reply

Your email address will not be published. Required fields are marked *