පාසල් පද්ධතිය තුළ විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පාසල්වල නව නිපැයුම් සහ විද්‍යා සංගම් ඇති කිරීමට පියවර ගෙන තිබේ. විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ හරහා සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා දියුණු කිරීමට සහ විද්‍යා විෂයන් කෙරෙහි ඔවුන් තුළ පවතින උනන්දුව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.මෙම විශේෂ ව්‍යාපෘතියේ පළමු අදියර මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් තෝරාගත් පාසල් සියයක (100) නව නිපැයුම් හා විද්‍යා සංගම් අලුතින්ම ස්ථාපිත කිරීමේ මූලික කටයුතු මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වේ.මඩකලපුව දිස්ත්‍රික්කයේ දියත් කෙරෙන මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය සහ සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව, ඉදිරි කාලසීමාව තුළ දිවයිනේ සෙසු සියලුම පාසල් කරාද මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


























