ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිද වෙනසක් නැහැ

​ජුනි මාසය සඳහා ලාෆ්ස් (Laugfs) ගෘහස්ථ ගෑස් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබේ. දැනට වෙළෙඳපොළේ පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරි මාසය සඳහා ද වලංගු වන බව එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.​ඒ අනුව මින් පෙර පැවති මිල ගණන් යටතේම කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,245ක මුදලකට සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,500ක මුදලකට ඉදිරියටත් පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට එම ආයතනය පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *