ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ගෑස් මිල උච්චාවචනයන් සහ විනිමය අනුපාතවල අභියෝගාත්මක ස්වභාවය හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම පවත්වාගෙන යාමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය මැයි මාසයේ පැවති මිල ගණන් ජුනි මාසය සඳහා ද එලෙසම වලංගු වනු ඇත.මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් දැනට පවතින මිල ගණන් යටතේ කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,765කට අලෙවි කෙරේ. මීට අමතරව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,910ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් ලෙසත් වෙනස් වීමකින් තොරව තවදුරටත් පවතිනු ඇත.



























