ජූලි මාසයේදී බස් ගාස්තු 20%කින් ඉහළ යාමේ අවදානමක්

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු සියයට 20කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. රජය පාර්ශවයෙන් නිසි සහනයක් නොලැබුණහොත් මෙම පියවර ගැනීමට සිදුවන බව පෙන්වා දෙන එම සංගමය, ඒ අනුව වත්මන් අවම බස් ගාස්තුව රුපියල් 35 සීමාව ඉක්මවා යනු ඇති බවට ද අනතුරු අඟවයි.​පවතින පාඩුව පියවා ගැනීමක් වශයෙන් ඉදිරියේදී බස් රථ ධාවනය වන ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සිදුවන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. බස් රථ මෙහෙයුම් කටයුතු පළාත් මගී ප්‍රවාහන අධිකාරීන් හරහා ක්‍රියාත්මක වන බැවින්, කාලසටහන්වල සිදුකිරීමට යෝජිත මෙම වෙනස්කම් පිළිබඳව අදාළ පළාත් සභා සහ වගකිවයුතු බලධාරීන් දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගනිමින් පවතී.​මේ යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් භාර නිලධාරීන් වෙත අදාළ කරුණු පැහැදිලි කරමින් නිල වශයෙන් ලිපි යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *