ඥානසාර හිමිට එරෙහි සිරදඬුවම තහවුරු වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (07) ස්ථීර කර තිබේ. ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අදාළව මෙම තීන්දුව ලබා දී ඇත. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවයි. එම නඩුව එළඹෙන පෙබරවාරි 25 වැනි දින යළි කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *