ත්‍රිකුණාමලය, අනුරාධපුර හන්දිය අසල මත්පැන් සාප්පුවකට ටී-56 ගිනි අවියක් පෙන්වා සිදු කළ සන්නද්ධ කොල්ලයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පැයක් වැනි කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊයේ (18) රාත්‍රියේ මෙම මත්පැන් සාප්පුවට ඇතුළු වූ සැකකරුවන් සේවකයන් බිය ගන්වා මුදල් කොල්ලකා පලා ගොස් තිබුණි.ත්‍රිකුණාමල පොලිසිය ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී උප්පුවේලි පොලිස් වසමේ නවාතැන්පොළක රඳවා සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත කිලිපංචිමලේ ප්‍රදේශයේ අවි ගබඩාවක සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ද වෙයි. හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් සතුව තිබී කොල්ලකන ලදැයි සැක කෙරෙන රුපියල් 11,500ක මුදලක්, යතුරුපැදියක්, ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 29ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.



























