පවතින අධික වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ හරහා මේ වන විට තත්පරයට ඝන අඩි 2,800ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරෙමින් පවතී.ඉදිරි වර්ෂාපතනය අනුව මුදාහරින ජල ප්රමාණය වෙනස් විය හැකි බැවින්, ජලාශයට පහළින් දැදුරු ඔය දෙපස පදිංචි ජනතාව ජල මට්ටම පිළිබඳව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එමෙන්ම ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.



























