අද (27) අලුයම කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් දියතලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් විශාල පිරිසක් සිට ඇති අතර, එමගින් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.අනතුරට ලක්වූ මගීන්ගේ තත්ත්වය සහ අනතුර සිදුවීමට බලපෑ හේතු පිළිබඳව සොයා බැලීම සඳහා දියතලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. රිය අනතුරින් රෝහල්ගත කෙරුණු පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විට දියතලාව රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කරමින් පවතී.



























