දිවයිනේ දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, මෙරට දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට යම් අඩුවීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, ඊයේ (14) දිනට පමණක් දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 346 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව එම ඒකකය නිල වශයෙන් තහවුරු කර තිබේ.​මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 68කි. සෞඛ්‍ය අංශ විසින් ගෙනයනු ලබන මර්දන වැඩපිළිවෙළ සහ ජනතාවගේ දැනුවත්භාවය හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී තිබුණද, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *