දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං ස්වභාවය අද දිනෙත් (01) අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ යටතේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි අපේක්ෂා කළ හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි පතිත විය හැක.​මීට අමතරව, මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට ප්‍රදේශවල වැසි ස්වල්පයක් වාර්තා විය හැකි වුවද, දිවයිනේ අනෙකුත් සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි.​බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, මොණරාගල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *