දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු බොහෝ ප්‍රදේශවල කාලගුණය ප්‍රධාන වශයෙන් වියළි ස්වභාවයක් ගනු ඇත.මේ අතර, දිවයිනේ ඇතැම් කලාපයන්හි සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.පවතින මෙම කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රදේශවල ජනතාව සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම සුළං තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වන අතර, කාලගුණ වාර්තා පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වීම වඩාත් සුදුසු වේ.























