දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බවයි. මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී, එනම් පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතී.​දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අඛණ්ඩව පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි. එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක තරමක තද සුළං ඇති වීමේ අවදානමක් ද පවතී.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,290

Leave A Reply

Your email address will not be published. Required fields are marked *