දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි; තද සුළං සහ අකුණු පිළිබඳ අවදානමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.​මීට අමතරව, වයඹ පළාතේ ද වැසි වාර ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වැටිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු උවදුරුවලින් ආරක්ෂා වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,337

Leave A Reply

Your email address will not be published. Required fields are marked *