දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​මීට අමතරව දිවයින පුරා පවතින සුළං තත්ත්වයේ ද වර්ධනයක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය, උතුරු හා උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර අගයකින් ඉහළ යා හැක. සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර මධ්‍යස්ථ වේගයකින් යුත් සුළං හැමීමේ හැකියාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන ප්‍රබල සුළං සහ අකුණු අනතුරු මඟහරවා ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *