ඉරානයට ඇමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

නව එකඟතාවකට පැමිණීම සඳහා ඉරානය අනවශ්‍ය ලෙස කාලය ප්‍රමාද කරමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශවය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කරගැනීමට සාකච්ඡා මාර්ගයෙන් උත්සාහ දරන පසුබිමක, මෙම ප්‍රමාදය හේතුවෙන් ඉරානයට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත.​සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ඉරානය ප්‍රායෝගික ක්‍රියාමාර්ග වෙනුවට වාචික ප්‍රකාශවලට පමණක් සීමා වී ඇති බවයි. ඔවුන්ට වඩාත් වාසිදායක විය හැකිව තිබූ ගිවිසුමකට එළඹීමට තිබූ අවස්ථාව මේ වන විට මඟහැරී ගොස් ඇති බව පෙන්වා දෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන් සූදානම් විය යුතු බව ද අවධාරණය කරයි.​සාකච්ඡා මේ අයුරින් මන්දගාමී වුවහොත් ඉදිරියේදී තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කිරීමට තමන් පෙළඹිය හැකි බව ද ඇමෙරිකානු පාර්ශවය වැඩිදුරටත් පවසා ඇත. කලාපය තුළ දෙරට අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වන තත්ත්වයක් තුළ, මෙම නවතම ප්‍රකාශය හේතුවෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පවතින උණුසුම්කාරී ස්වභාවය තවදුරටත් දැඩි වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 804

Leave A Reply

Your email address will not be published. Required fields are marked *