විදේශීය සුළං ප්රවාහයන් ඔස්සේ මෙරටට ඇතුළු වන සියුම් දූවිලි අංශු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය (PM2.5 සහ PM10) මට්ටම ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ, මහනුවර, අනුරාධපුර, පුත්තලම, හලාවත, ත්‍රිකුණාමලය මෙන්ම උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල වායු ගුණත්වය පහළ මට්ටමක පවතී.ඉදිරි දින කිහිපය තුළ ද මෙම මඳ වශයෙන් අහිතකර තත්ත්වය අපේක්ෂා කළ හැකි බැවින් සංවේදී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව අධිකාරිය අද (20) නිකුත් කළ නිවේදනයේ දැක්වේ. සෞඛ්‍ය අවදානම් අවම කර ගැනීම සඳහා N95 මුඛ ආවරණ පැළඳීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමටත් පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.



























