දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං අපේක්ෂාවෙන්

අද පස්වරුවෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.​මේ අතර, අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත ස්වභාවයක් දැකගත හැකි වනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ජනතාව සැමවිටම කල්පනාකාරී විය යුතුය.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *