ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ විශාල ගංජා හේනක් වටලයි

ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් රණවරාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වැටලීමට පොලිසිය සමත්වී ඇත. ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම සාර්ථක මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.​එහිදී ආසන්න වශයෙන් අක්කරයක පමණ බිම් ප්‍රමාණයක ඉතා සූක්ෂම ලෙස වගා කර තිබූ ගංජා ගස් 29,580 ක් සොයාගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධ අවුරුදු 22, 31 සහ 33 යන වයස්වල පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *