අද (13) දිනයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත් නැගෙනහිර පළාතට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි වනු ඇත.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.



























