දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

බෙංගාල බොක්ක මුහුදේ ගිනිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ හේතුවෙන් දිවයින පුරා මෙන්ම අවට මුහුදු ප්‍රදේශවලද ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලද මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බැවින්, මහජනතාව සහ නාවික හා ධීවර ප්‍රජාව කාලගුණ අංශවල ඉදිරි නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *