අශෝක් අබේසිංහ සජබ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ තමන් දැරූ සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පියවර ගෙන තිබේ.​තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් ඒ මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත නිල ලිපියක් යොමු කර ඇත. ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය යන තනතුරුවලින් ද ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබේ.​සමගි ජන බලවේගය ආරම්භ කළ අවස්ථාවේ සිටම පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටු වන බව සඳහන් කරන ඒ මහතා, පක්ෂයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටත් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමටත් සියලු දෙනාට ශක්තිය ප්‍රාර්ථනා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *