ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, මෙම වසංගත තත්ත්වය හමුවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 59ක් ලෙස සටහන්ව ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.ගත වූ පැය 24ක කාලය තුළ හෙවත් ඊයේ (23) දිනය තුළ පමණක් දිවයින පුරා අලුතින් ඩෙංගු රෝගීන් 1,098 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝග පැතිරයාමේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 47කට වඩා වැඩි ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,950ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,021ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,242ක් වශයෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත.























