දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.​ඒ අනුව, 1 වන මට්ටමේ (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම් බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, රත්නපුර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නායයාම් අවදානම් සහිත ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.​ඊට අමතරව, වඩාත් අවදානම් සහිත මට්ටම 2 (සූදානම් වන්න) යටතේ කළුතර (හොරණ, මතුගම), රත්නපුර (ඇලපාත, කුරුවිට, රත්නපුර), මහනුවර (උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ), කෑගල්ල (මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක) සහ නුවරඑළිය (අඹගමුව, නෝර්වුඩ්) යන ප්‍රදේශ නම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *