දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ වන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඔක්තෝබර් 23 වනදා පස්වරු 4:00 සිට ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව එම සංවිධානය සඳහන් කරයි.​ඒ අනුව, පළමු මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම් බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇත. එමෙන්ම රත්නපුර (ඇලපාත, කුරුවිට, රත්නපුර), කෑගල්ල (මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක) සහ නුවරඑළිය (අඹගමුව, නෝර්වුඩ්) යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ (Level 2) අනතුරු ඇඟවීම් බලාත්මක කර තිබේ.​අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *