පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ කෑගල්ල දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා ඉදිරි පැය 24 තුළ (හෙට පස්වරු 4.00 දක්වා) වලංගු වන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව මහනුවර උඩුනුවර සහ කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල සහ රඹුක්කන යන කොට්ඨාස සඳහා 2 වන අදියරේ ‘අවධානයෙන් සිටින්න’ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එමෙන්ම රුවන්වැල්ල, අරණායක සහ යටිනුවර කොට්ඨාස සඳහා 1 වන අදියරේ ‘විමසිලිමත් වන්න’ (Yellow) නිවේදන නිකුත් කර තිබේ.පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, එම කඳුකර ප්රදේශවල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීහු දැනුම් දෙති.



























