දිවයින පුරා පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක 10ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත.ඒ අනුව ගම්පහ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට දෙවන මට්ටමේ (Amber) අවධානම් නිවේදන නිකුත් කර තිබේ. ඊට අමතරව කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතර යන දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශ සඳහා පළමු මට්ටමේ (Yellow) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය ඔක්තෝබර් 28 පස්වරු 4.00 සිට ඔක්තෝබර් 29 පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බැවින් කඳුකර හා බෑවුම් සහිත ප්රදේශවල ජීවත්වන ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතුය.


























