දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විභාගය හෙටට කල් යයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වල විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හෙට 04 වැනිදා දක්වා කල් තැබුවා. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරුවේ සිට මෙම පෙත්සම් සලකා බැලුණා.අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ශ්වයන් විසින් පෙත්සම් 15ක් ගොනුකර තිබෙනවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද විවෘත අධිකරණයේදී තර්ක ඉදිරිපත් කළ අතර, එම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණ බලයද සීමා වන බව ඔවුන් පෙන්වා දුන්නා.එම හේතුව මත මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන අද අවසන් වූ අතර, ඉතිරි කරුණු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *