දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට

දෙහිවල – සිරිසඟබෝ පාරේ නිවසක් ඉලක්ක කර එල්ල වූ මාරාන්තික අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ එම අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැරදි ඉලක්කයක් වෙත ක්‍රියාත්මක කර ඇති මෙම ප්‍රහාරය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ පියා ද බරපතළ තුවාල ලැබීය.පසුගිය 11 වැනිදා උදෑසන කාලයේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා තහවුරු කළ පරිදි, ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු සමඟ ප්‍රවාහන කටයුතු සඳහා සහය වූ ත්‍රීරෝද රථ රියැදුරු ද මේ වන විට නීතියේ රැහැනට හුවු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *