දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ පැටවාට “මෝමෝ” නම තබයි

දෙහිවල සත්වෝද්‍යානයේ මෑතකදී උපත ලද නයිල් හිපපොටේමස් පැටවා සඳහා නිල වශයෙන් ‘මෝමෝ’ යන සුරතල් නම ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක ළමා දිනයට සමගාමීව සත්වෝද්‍යානයේ පැවති විශේෂ උත්සවයකදී මෙම නම එළිදැක්වීම සිදුවිය.​පැටවාට නමක් තෝරා ගැනීම සඳහා පවත්වන ලද තරගයට දරුවන්ගෙන් ලැබුණු විශාල ප්‍රතිචාරය මත නම් 1,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණි. ඒ අතරින් අවන්දා තමාරි නම් දැරිය විසින් යෝජනා කරන ලද නම ජයග්‍රාහී නම ලෙස විශේෂ කමිටුවක් විසින් තෝරා ගන්නා ලදී.​පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ජයග්‍රාහී දැරියට විශේෂ ත්‍යාග පිරිනැමීමද සිදු කෙරුණි. සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ කැපවීම අගයමින්, නව අමුත්තා දැකබලා ගැනීම සඳහා පැමිණෙන ලෙස මහජනතාවට ආරාධනා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *