ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාස සහ කාලගුණික හදිසි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා පුළුල් ජාතික සැලසුමක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.El Niño සහ La Niña වැනි ස්වභාවික සංසිද්ධි හේතුවෙන් කාලගුණ රටාවන්හි හදිසි වෙනස්කම් ඇතිවිය හැකි බැවින්, රටේ ආපදා කළමනාකරණ සූදානම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විටත් පාර්ලිමේන්තු මට්ටමින් මෙම තත්ත්වයන් පිළිබඳව පුළුල් අවධානයක් යොමු වී තිබේ.



























