දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කතානායක සහතිකයෙන් නීතියක් බවට පත්වෙයි

පාර්ලිමේන්තුවේදී මෑතකදී දෙවන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිල සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, 2017 අංක 24 දරණ මුල් දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් සකස් කළ මෙම නව පනත් කෙටුම්පත නිල වශයෙන් බලාත්මක වනු ඇත.​මෙම නව සංශෝධන මඟින් මෙරට බදු පරිපාලන ක්‍රියාවලිය නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම මෙන්ම බදු අනුකූලතාව සහ බදු නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපාය මාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහය වීම, බදු ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ද මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.​මෙම නව නීතිමය රාමුව හරහා මෙරට බදු ව්‍යුහයට සුවිශේෂී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ඉදිරියේදී සිදුවන සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ‘ටින්’ (TIN) අංක සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම ඇතුළු නව ප්‍රතිසංස්කරණ රැසක් මීට ඇතුළත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,173

Leave A Reply

Your email address will not be published. Required fields are marked *