අද (27) පස්වරු 4.30 සිට ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාව වෙත විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු තීරයන් විටින් විට රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මීට අමතරව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0 ත් 3.0 ත් අතර උසකින් ඉහළ යාමේ අවදානමක් පවතී. මෙම දැඩි කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු කලාපවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් වඩාත් විමසිලිමත්ව සහ අවධානයෙන් කටයුතු කළ යුතු බව බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.



























