වසර එකහමාරක සාර්ථක පුහුණුවක් සම්පූර්ණ කළ නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ විශේෂ උත්සවයක් සංවිධානය කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 04 වැනි දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්වේ.මෙලෙස පත්වීම් ලබන නිලධාරිනියන් දිවයින පුරා පිහිටි පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් මෙන්ම සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ. මාතෘ හා ළමා සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම නවක නිලධාරිනියන්ගේ සේවය විශාල දායකත්වයක් වනු ඇත.මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.



























