නවාංග පනත් කෙටුම්පත්වලට එරෙහිව පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක්

රජය මගින් හඳුන්වාදීමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (04) පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ පිහිටි පොල්දූව මංසන්ධියේදී පැවැත්විණි.​යෝජිත පනත් කෙටුම්පත් හරහා ජනතා අයිතිවාසිකම් සීමා වන බවට චෝදනා කරමින් විරෝධතාකරුවන් ඊට තම විරෝධය පළ කර තිබේ. විරෝධතාව හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *