නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ නානුඔය වටරවුම ආසන්නයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක් සංචාරයක් සඳහා රැගෙන ගිය බස් රථයක් සහ විවාහ මංගල්‍ය උත්සවයකට පිරිසක් ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, එම බස් රථයේ රියදුරු පමණක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.අනෙක් බස් රථයේ ගමන් කළ පිරිසට බරපතල තුවාල සිදුව නොමැති අතර, රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



























