නාමල්ගෙන් අධිකරණ ඇමතිට විවේචන

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමට අධිකරණ අමාත්‍යවරයාට ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය භාවිත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, වගකිවයුතු අමාත්‍යවරයෙකු මෙවැනි බරපතළ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා තොරතුරු සොයන තත්ත්වයට පත්වූයේ කෙසේද යන්නයි. බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය සහ පාලන ව්‍යුහයේ දුර්වලතා හේතුවෙන් මෙවැනි ගැටලු උද්ගත වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.​මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාරය තමාගේ විෂය පථයට අයත් ආයතනයක් බැවින්, සිදු වූ සිදුවීමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි. බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, ඉන් තුවාල ලැබූ සහ මියගිය පිරිස් පිළිබඳව සොයා බැලීම සඳහා තමන් පෞද්ගලිකවම මීගමුව රෝහල වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,231

Leave A Reply

Your email address will not be published. Required fields are marked *