එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.මෙම නියෝගයට අනුව සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, ඒ පිළිබඳ ආගමන හා විගමන පාලකවරයාට වමනය කර ඇත. තවද, සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකරන ලෙසටද දැඩි ඇප කොන්දේසියක් පනවා තිබේ.



























